යාපනේ කදුරුගොඩ පුරාවිද්‍යා භූමියට ගිය හමුදා බුද්ධි නිලධාරීන්ට දෙමළ සන්ධාන විරෝධය….!

January 25, 2021 at 9:17 am | by emanisa.lk

යාපනයේ චුන්නාකම් කදුරුගොඩ (කන්දරෝඬේ) පුරාවිද්‍යා ස්මාරකය ගැන සෙවීමට ගිය යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනකු නිසා දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කලබල වී 23 දා සවස එම පළාතේ ජනතා විරෝධයක් ගොඩ නගා තිබේ.

යාපනයේ කදුරුගොඩ විහාරයට යන මාර්ගයේ පුරාවිද්‍යා ස්මාරකයක් ඇති අතර, එම ස්ථානයේම විශාල නුග වෘක්ෂයක්ද තිබේ. එය රාජකීය වෘක්ෂය ලෙස නම් කොට තිබේ. මේ ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් වන අතර, පුරාවිද්‍යා ස්මාරකයක් පිහිටුවා ඇතත් එම ගස අසල කෝවිලක් පවත්වාගෙන යන පිරිස එම කෝවිල ආදී තීර්ථකෝනී අම්මාන් කෝවිල ලෙස සලකා පුද පූජා පවත්වති.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම ස්ථානය සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇති නිසා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු එම ස්ථානයට ගොස් තොරතුරු සොයා බැලූ අවස්ථාවේදී ගම්වාසීන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාට ඒ බව දන්වා ඔහු හා තවත් දෙමළ දේශපාලනඥයන් පිරිසක් එම ස්ථානයට කැඳවා තිබේ.

පසුව කෝවිලේ කුරුක්කල්වරයා හා ගම්වාසීන් එක්ව දෙමළ දේශපාලනඥයන් සමග එම ස්ථානයේ විරෝධතාවක් පවත්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට විරෝධය පළකොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස