ඇනයක් වූ කසළ විදුලියට හරවන සැලසුමක්…! කොළඹ නගර සභාව මුල පුරයි….!

January 20, 2021 at 11:21 am | by emanisa.lk

පළාත් පාලන ආයතන මගින් දෛනිකව එක් රැස්කරන නො දිරන එහෙත් දහනය කළ හැකි කසළ යොදා ගෙන විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ නලින් මාන්නපෙරුම පවසයි.

කොළඹ මහ නගර සභාව මගින් දෛනිකව ටොන් 450ක් පමණ එක්රැස් කර කරදියාන කසළ අංගනයට රැගෙන යයි. එම කසළ යොදාගෙන කොළඹ මහ නගර සභාව මගින් මෙම ව්‍යාපෘතිය අරඹා තිබෙන අතර එමගින් දිනකට කසල ටොන් 700ක් දහනය කිරීමෙන් මොගා වොට් 10ක විදුලිය ධාරිතාවක ජාතික විදුලි පද්ධතියට එකතු කළ හැකිවේ.

මේ සඳහා කොළඹ මහ නගර සභාවේ කසළ ප‍්‍රමාණවත් නොමැති බැවින් මොරටුව, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ, හෝමාගම, මහරගම, කැස්බැව සහ බොරලැස්ගමුව යන පළාත් පාලන ආයතනවල කසළ යොදා ගැනීමට ද කටයුතු යොදා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *