පාර්ලිමේන්තුවේ PCR පරීක්ෂණ 943ක්….! 934 දෙනෙක් ම නෙගටිව්….! ආසාදිත 09ක් පමණයි…!

January 17, 2021 at 8:11 pm | by emanisa.lk

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී මන්ත්‍රී පිරිසක් සහ එහි කාර්ය මණ්ඩලය සඳහා සිදු කෙරුණු PCR පරීක්ෂණ 943 සිදු කර ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

ඉකුත් 13 වැනි දා සහ 15 වැනි දා මෙම PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන තිබුණි.

එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32ක් සහ අනෙකුත් කාර්යාංශ, අනුබද්ධිත කාර්යාංශ, ආරක්ෂක අංශවලට අයත් 911 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර තිබේ. ඒ අතරින් මන්ත්‍රීවරුන් කිසිවෙකු ආසාදිත නොවන බවට තහවුරු වී තිබේ.

පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් 5 දෙනෙකු, ආරක්ෂක අංශයට අයත් එක් අයෙකු, පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත 3 දෙනෙකු ද වශයෙන් 9 දෙනෙකු පමණක් ආසාදිත බවට තහවුරු වී තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *