බස් ගාස්තුව වැඩි කරගෙන පොල් පැට වූ බස් රථ සංගම් වර්ජනයකටත් සූදානම්….!

January 7, 2021 at 8:22 am | by emanisa.lk

සියලු ම බස් රථ සංගම් ඒකාබද්ධ අඛණ්ඩ ව්ර්ජනයක නිරතවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඊයේනාරාහේන්පිට ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පෙ$ද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මේ බව පැවසීය.

ඒ අනුව ලබන 18 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වර්ජනයක නිරතවීමට එම සංගමය තීරණය කර ඇත.

බස් කර්මාන්තයේ නියැලෙන පිරිස් මුහුණ දෙන ගැටළුවලට රජයෙන් කිසිදු විසදුමක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අංජන ප්‍රියන්ජිත් මහතා සදහන් කරයි.

ඔහු සඳහන් කළේ රජය ප්‍රකාශ කළ පරිදි බස් රථ සදහා 4% පොලී අනුපාත යටතේ ලක්ෂ තුනක ණය පහසුකම් ලබාදීම, පෞද්ගලික බස් රථ සඳහා ලොග් සටහන්පත් සඳහා මුදල් අය නොකිරීම, ලීසිං සහනය ලබාදීම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරිය ඉවත්කර ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීම් කර ඇති බවයි.

ලබන 15 වනදා වන විට මෙම ගැටළුවලට විසදුම් නොලැබුණහොත් ලබන 18 වනදා සිට වර්ජනය ආරම්භ කරන බව අංජන ප්‍රියන්ජිත් වැඩිදුරටත් සදහන් කරයි.

නිරෝධායන නීති අනුව ආසන ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යන කොන්දේසිය යටතේ පසුගිය දා බස් ගාස්තුව ඉහළ නැංවුව ද බස් රථ හිමියන් එම නීති ආරක්ෂා කළේ ද නැත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *