ආණ්ඩුව ලබා දෙන බදු සහන නිසා භාණ්ඩාගාරයට මුදල් අහිමි වන බවත් අවසානයේ එම සහන ජනතාවට නොලැබෙන බවත් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
ජනාධිපතිවරයා ගැසට් මගින් බදු අඩු කරන අතර එම බදු සහන ආණ්ඩුවේ මිතුරන් අතට යන බවට ඔහු චෝදනා කරයි.
එම සහන යන්නේ ආණ්ඩුවේ ඩීල්කාරයින් අතට බවත් ආණ්ඩුව දැන් ලීඩර්ලගේ නොව ඩීලර්ලගේ බවත් ඔහු සඳහන් කරයි.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධය හමුවකට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.