නියමු ව්‍යාපෘතියක් සඳහා පැමිණ සිටින යුක්රේන සංචාරකයන්ගෙන් කොවිඩ් වෛරසය මෙ රට ජනතාවට ව්‍යාප්ත නො වීමට වගබලා ගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
‘ට්‍රැවල් බබල්’ ක්‍රමය යටතේ සංචාරකයන් මෙම ව්‍යාපෘතිය සඳහා සහභාගී වන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය. පසුගිය 28 වැනිදා සිට මේ මස 19 වැනිදා දක්වා මෙම සංචාරකයන් දිවයිනේ රැඳී සිටිමට නියමිත බවත් ඔවුන් සහභාගි වන මෙම නියමු ව්‍යාපෘතිය හරහා සංචාරකයන් ඉදිරියේ දී මෙ රටට ගෙන්වා ගනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.
එසේම පසුගිය 28 වැනිදා පළමු වරට පැමිණි යුක්රේන සංචාරකයන් කණ්ඩායමක් යළි ඊයේ (4 ) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
මෙම සංචාරකයන් පිටව ගිය පසු එම සංචාරකයන් රැඳි සිටි හෝටල්වල කාර්ය මණ්ඩල සහ රියැදුරන් නිරෝධායනය කිරීමට කටයුතු කරමින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන කටයුතු කිරීමට නියමිතය.