එක මන්ත්‍රිකමට මරා ගන්න එක මහා ලැජ්ජාවක්…! සිරිකොතේ පියන් කෙනෙක් පාර්ලිමේන්තු එවන්න…! – ෆොන්සේකා…

January 3, 2021 at 8:09 am | by emanisa.lk

මහා මැතිවරණය නිමා වී දීර්ඝ කාලයක් ගත වුව ද තවමත් සිය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට කිසිවෙකු පත්කිරීමට එජාපයට නොහැකි වී ඇතැයි සරත් ෆොන්සේකා පවසයි.

මේ ආකාරයට කටයුතු කිරීම ඉතා ම ලැජ්ජා සහගත බව ද මන්ත්‍රීවරයා පවසයි.

පක්ෂයට ලැබුණු එක ම මන්ත්‍රි ධුරය සඳහා කිසිවෙකු තෝරා ගැනීමට බැරි වී ඇත්තේ නායකයන් අතර එම මන්ත්‍රී ධුරය සඳහා සටනක් පවතින නිසා නම් සිරිකොතේ සිටින පියන් කෙනෙකු ඒ සඳහා පත්කිරීම සුදුසු බව සරත් ෆොන්සේකා වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *