කලට වේලාවට රාජ්‍ය සේවක පඩි ගෙවන ලොව එක ම ආණ්ඩුව අපයි! – පී.බී.

January 2, 2021 at 4:31 pm | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය නිසා මතුව ඇති ආර්ථික දුෂ්කරතා මැද ද ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා ද විශ්‍රාමිකයින් ලක්ෂ හයකගේ ද වැටුප් නිසි වෙලාවට ගෙවනු බලන ලොව එක ම ආණ්ඩුව ශ්‍රී ලංකා ආණ්ඩුව බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පවසයි.

එහෙයින් රාජ්‍ය සේවකයින් ද සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහන සාර්ථක කර ගැනීමට නව වසරේ සිය උපරිම දායකත්වය ලබා දිය යුතු බව ඔහු අවධාරණය කළේ ය.

ජනතා අවශ්‍යතා උපරිමයෙන් ඉටු කර ගැනීමට රාජ්‍ය සේවකයින් සිය දායකත්වය ලබාදෙනු ඇතැයි ජනාධිපතිවරයා ද බලාපොරොත්තු වන හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී 2021 නව වසරේ වැඩ ආරම්භ කරමින් ජනාධිපති ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *