රට වටේ මූද තියාගෙන පොලිසිය අවුරුද්දකට බිලියන 39ක රට මාළු කාලා…! වහාම නවතා දමයි…!

December 23, 2020 at 12:33 pm | by emanisa.lk

පොලිස් භෝජනාගාරවල භාවිතය සඳහා 2019 වර්ශයේ දී පමණක් ආනයනය කර ඇති මත්ස්‍ය නිෂ්පාදනය සඳහා රුපියල් බිලියන 38.9 ක මුදලක් වැය කැ ඇති බව වාර්තා වෙයි .

ධිවර අමාත්‍යාංශයේ ලේකමිවරයා කළ ඉල්ලීමකට අනුව මහජන ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස් පරිභෝජනය වෙනුවෙන් දේශීය වශයෙන් නිපදවන මත්ස්‍ය නිෂ්පාදන මුලුමනින්ම යොදාගැනීමට තීරණය කොට තිබේ.

ආනයනික මසුන් වෙනුවට පෝෂණ ගුණයෙන් උසස් එක තලපත්, කෙළවල්ලා, අලගොඩුවා ආදි මසුන් භාවිත කළ හැකි බවට තීරණය වී තිබේ.

ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ වාර්තාවකට අනුව 2019 වර්ශයේ දී මත්ස්‍ය මෙට්‍රික් ටොන් 95637 ක් ලංකාවට ආනයනය කොට තිබේ.

ධීවර අමාත්‍යාංශය කළ සොයා බැලීමක දී මෙම ආකාරයට ම ත්‍රිවිධ හමුදාවන් සඳහා ද මත්ස්‍යය නිෂ්පාදන ආනයනය කරනු ලබන බව සඳහන් ය .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස