WhatsApp ඔස්සේ පල්ලිවලට ප්‍රහාර එල්ල කළ අයකු අත්අඩංගුවට!

December 21, 2020 at 11:04 am | by emanisa.lk

කතෝලික දේවස්ථාන ආශ‍්‍රිතව අද (21) දිනයේ පිපිරීමක් සිදු වීමට ඉඩ ඇති බවට අසත්‍ය පුවතක් සමාජජාල ඔස්සේ ප‍්‍රචාරය කළ සැකකරුවෙකු කඳාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි වැලිගම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි අයෙකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු ඊයේ දිනයේ දී කඳාන ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් එම වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩය යවා ඇති බවත් ඉරිදා දිනයේ දී පල්ලි ආශ්‍රිතව පැවැත්වෙන දේවමෙහෙයන්වලට සහභාගී නොවන ලෙසත් පල්ලි ආශ්‍රිතව යම් පිපිරීමක් සිදුවීමට නියමිත බවත් එම පණිවිඩයේ සඳහන් ව ඇතැයි වාර්තා වෙයි.

අසත්‍ය ප‍්‍රවෘත්ති නිර්මාණය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් සැකකරු හෙට දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *