මුස්ලිම් සිරුරු භූමදානයට අවසර ලැබෙන තුරු සීතාගාරවලට!

December 21, 2020 at 8:39 am | by emanisa.lk

ඉස්ලාමීය ආගමට අයත් කොවිඩ්-19 මළ සිරුරු භූමිදානය කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් එම සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කීරීමට කටයුතු කරමින් තිබේ.

ඒ සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය, කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය, මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය, කල්මුනේ අශ්රොෆ් අනුස්මරණ රෝහල වෙත සිසිල් කළ හැකි කන්ටේනර් 5 ක් ලබා දෙන මෙන් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණ ඇමැතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් මගින් ඉල්ලා තිබේ.

මේ පිළිබඳව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් සිදුකළ විමසීමක දී විශේෂඥ කමිටුව ගත් තීරණයකට අනුව සිසිල් කළ කන්ටේනර් ලබාදිය හැකි බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පැවසූ බවත් එනිසා රෝහල් තුළ මෘතදේහ ගොඩගැසීම වළක්වාලීමට සිසිල් කන්ටේනර් ඉල්ලු බවත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *