කොරෝනා සඳහා තමන් විසින් පුරාණ පුස්කොළ පොත්වල පැවසෙන වට්ටෝරු ඇසුරින් බෙහෙතක් නිර්මාණය කළ බව හලාවත ඩබ්ලිව්. සේලිස් කුරේරා පවසයි.
එමගින් රෝගය වැළඳුණු අය සුවපත් කරන බවත් නොවැළඳුණු අය ආරක්ෂා කරන බවත් හෙතෙම අවධාරණය කරයි.
සිය ඖෂධයේ නිවැරදිභාවය තහවුරු කිරීමට කොරෝනා රෝගීන් පිරිසක් අතර සිටීමට ද තමා සූදානම් බව පාරම්පරික ආයර්වේද වෛද්‍ය සේලිස් කුරේරා වැඩි දුරටත් පවසයි.