චීනයෙන් ආනයනය කරන ලද රුපියල් මිලියන 384ක් වටිනා සැමන් තොගයක අනුමත ප්රමාණයට වඩා ආසනික් අඩංගු බව ශ්රී ලංකා ප්රමිති කාර්යාංශය අනාවරනය කොට ගෙන ඇත.
මෙම සැමන් තොගය කන්ටේනර් 48ක් තුළ බහා රැගෙන විත් ඇති අතර ඒවා තුළ සැමන් මෙට්රික් ටොන් 768ක් අන්තර්ගත බව රේගුව ප්රකාශ කරයි.
ආසනික් ඇති බවට තහවුරු වීමෙන් පසු එම සැමන් තොගය ආපසු හරවා යැවීමට රේගුව කටයුතු කරනු ලැබ ඇත.
මෙම සැමන් ගෙන්වීම පිළිබඳව විමර්ශනයක් කිරීමට රේගුව දැනටමත් කටයුතු කොට ඇත.