දේශීය කොරෝනා ඔසුව ප්‍රත්‍යක්ෂයි! උත්සවශ්‍රීයෙන් දළදා සමිඳුට පූජා කරයි! මහනාහිමිවරුන්ගෙන් පැසසුම්!

December 15, 2020 at 11:34 pm | by emanisa.lk

කොරෝනා රෝග නිවාරණය සඳහා තමා නිපද වූ ඖෂධය එම රෝගය සුව කරන බව ප්‍රත්‍යක්ෂ බවත් එය දළදා සමිඳුට පූජා කළේ එහෙයින් බවත් කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා පවසයි.

ජනතාවට මෙම ඖෂධය ලබා දීම සඳහා වෛද්‍යවරුන්ගෙන් විසින් ලබා දිය යුතු අවසාන සහතිකය ද ඉක්මනින් ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

අද (15) මහනුවර දළදා මාළිගාවට ඖෂධය පූජා කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

එහි දී මෙම ඖෂධය අස්ගිරි මල්වතු නාහිමිවරුන් වෙත පූජා කිරීම ද සිදුවිය.

අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඥානරතන හිමි සඳහන් කළේ මෙම ඖෂධයෙන් ජනතාවට සේවයක් වනු දැකීමට අකමැති පිරිසක් ඊට සහයෝගය ලබා නොදෙන බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස