වේයංගොඩ නයිවල ප්‍රදේශයේ පදිංචි සෙනුර වීරසිංහ නම් හත් හැවිරිදි දරුවා අසාමාන්‍ය හැකියාවන්ගෙන් සපිරි බව හඳුනා ගෙන තිබේ.
ඔහු සිංහල භාෂාවට වඩා චතුර ලෙස ඉංගිරිසි සහ හින්දි භාෂාවෙන් කතා කරන අතර දරුවකු නොව බොහෝ වැඩිහිටියන් පවා නොදත් ගැඹුරු විද්‍යාත්මක තොරතුරු චතුර ලෙස පැහැදිලි කරයි.
ලංකාවේ උපත ලබන්නට පෙර අහසේ පාවෙමින් සිටි බවත් භාවනා කළ බවත් පවසන මේ දරුවා සිය යානයේ යමක් ගැටී යානය කාන්තාරයකට කඩා වැටුණු බවත් එහි දී තමා පිළිස්සි මරුමුවට පත්වූ බවත් පවසයි.
2003 පෙබරවාරි 01 වන දා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට කඩා වැටුණු කොළොම්බියා අභ්‍යවකාශ යානයේ ගමන් කරමින් සිටිය දී මරුමුවට පත් ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ නියමුවරිය වන කල්පනා චව්ලාගේ ජීවිතය සහ සෙනුර පවසන කරුණු බෙහෙවින් සමාන ය.