පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට කඩිනමින්!

December 11, 2020 at 6:03 pm | by emanisa.lk

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම අතර එකඟතාවක් ඇතිව තිබේ.

නව මැතිනරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජික පිරිස අද (11) අගමැති මහින්ද රාජපක්ෂ හමු වූ අවස්ථාවේ මේ පිළිබඳ එකඟතාව ඇති වී ඇත.

මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට ද ඊළඟ පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට ද පැවැත්වීමට එහි දී යෝජනා වී ඇත.

ඒ සඳහා සිදුකළ යුතු නෛතික වෙනස්කම් සහ සංශෝධන සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කිරීමට ද දැනටමත් කටයුතු යොදා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *