කොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (10) දින පැවැත්විණි.
එම දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී උපදෙස් දුන්නේය.
දැනට මෙම වෛරසයෙන් මියයන පුද්ගලයෙකුගේ දේහය තුළ වෛරසය දින 36 ක් පමණ පවතින බව හඳුනාගෙන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.
සෞඛ්‍යට බලපාන කරුණු අරබයා ජාතින් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජන කොටස්වල සහයෝගය අවශ්‍ය බව ද සඳහන් කළේය.
ඒ සඳහා සහය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට ඇමැති අලි සබ්රි, ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, ඇමැති රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්. මුණසිංහ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.