මහර රැඳවියන් මළේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන්! – සජිත්

December 7, 2020 at 8:39 pm | by emanisa.lk

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන ලද “නිහඩ විරෝධතාව” අද (07) ජනාධිපති කාර්‍යාලය ඉදිරිපිට දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජනය ඊට එක්ව සිටියහ.

ආණ්ඩුව මර්නය සහ රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කරමින් සිටින බවත් එහි ප්‍රතිඵලයක් ලෙඩ මහර බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙක්ම ඝාතනය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේ ය.

අද වනවිටත් ඒ මියගිය අය පිළිබඳව ආණ්ඩුව හෙළිදරව් කර නැති බව කී හෙතෙම, මේ කිසිවක් නොදන්නා ඔවුන්ගේ ඥාතීන් බරපතල වේදනාවක් අත් විඳින බවත් කීය.

මානව හිහිමිකම් මෙන්ම මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බව කී ඔහු මේ මර්දනයට එරෙහිව විපක්ෂය ලෙසත් සමගි ජන බලවේගය ලෙසත් සටන් කරන බව පැවසී ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස