බුරවි ලංකාවට ඇතුළු වෙයි! දැඩි සුළං සමඟ තද වැසි!

December 2, 2020 at 9:49 pm | by emanisa.lk

බුරවී සුළි කුණාටුව මිට සුළු මොහොතකට පෙර මුලතිව් සහ ත්‍රිකුණාමලය වෙරළ කලාපය අතරින් රට තුළට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුළි කුණාටුවේ කේන්ද්‍රය මුලතිව් ආසන්නයේ පිහිටා ඇති බවත් හෙට උදෑසන වන විට එය මන්නාරම ප්‍රදේශය හරහා දිවයිනෙන් බැහැරට යනු ඇති බවත් පැවසෙයි.

රට අභ්‍යන්තරයේ සුළං වේගය සහ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇති වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *