ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක එම ධුරයෙන් අද (30) ඉල්ලා අස් වී ඇතැයි ද මෝනිං පුවත්පත වර්තා කරයි.
තමා අදාළ ධුරය භාර ගත්තේ වසරක් පමණක් එම ධුරය දැරීමේ එකඟතාව මත බවත් තමන්ට යම් විවේකයක් උවමනා බැවින් ඉල්ලා අස් වූ බවත් ඔහු එම පුවත්පතට පවසා තිබේ. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත හෙතෙම සිය ඉල්ලා අස්වීම යොමු කර තිබේ.
වසර 30කට අධික කාලයක් ව්‍යාපාර කළමනාකරණ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සතු සුසන්ත රත්නායක ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට පත් කළේ 2019 දෙසැම්බර් මැද භාගයේ ය.
සුසන්ත රත්නායක 2006-2018 සමයේ ජෝං කීල්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මෙන් ම 92/93 කාලයේ සිට එහි විධායක මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේ ය.