ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන එම්.ඒ. සුමන්දිරන්ට කොටි නායකයින් සැමරීමට කිසිදු අයිතියක් නැතැයි ඇමැති සරත් වීරසේකර පවසයි.
“සුමන්දිරන් මන්ත්රීවරයා යාපනේ කොටි නායකයෙක් අනුස්මරණය කරන්න සහභාගී වෙලා තියෙනවා. මේ කොටි නායකයා කුඩා කල පටන් ප්රභාකරන්ගේ යාළුවෙක්. ඔහු 1979 මිය ගොස් තිබෙනවා.
ඔහු යාපනේ කොටි නායකයා ලෙස කටයුතු කළා. කොටි සමරන සුමන්දිරන් කොහොමද පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඔහු රටේ ඒකීයභාවය රකින්න දිවුරුම් දුන් පුද්ගලයෙක්.
අම්මා කෙනෙකුට තමන්ගේ පුතා වෙනුවෙන් සැමරුම් කරන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට එවැනි සැමරුමකට යන්න බෑ.”