බන්ධනාගාරයේ කොරෝනා නිසා බදියුදීන්ට ඇප!

November 25, 2020 at 2:22 pm | by emanisa.lk

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ  ලක්ෂ 10 බැගින් වු ශරිර  ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ  අද (25) නියෝග කළේය.

2015 ජනාධිපතිවරණය දින මහජන මුදල් අවභාවිත කළ මැතිවරණ නීති උල්ලංඝනය කළැයි ඔහුට විරුද්ධව ඇති චෝදනා වේ.

බන්ධනාගාරය තුළ කොරෝනා වෛරසය පැතිරිම සුවිශේෂි කාරණයක් ලෙස  සලකා බැලු මහෙස්ත්‍රාත්  එලෙස ඇප ලැබ දෙමින් මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනමට ලක් කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පවසන ඕනෑම අවස්ථාවක  එහි පෙනී සිටිමට ද අධිකරණය නියෝග කළේ ය.

ශරීර ඇපකරුවන් ළගම ඥාතීන් විය යුතු  බව ද   මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *