ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුගේ ඉදිරි අවශ්‍යතා වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය ලබා දීමට ඇවන්ගාඩ් සමාගමේ අධිපතිවරයා ඉදිරිපත් වී තිබේ.
සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති මේ බව ඔහුගේ හිතවතෙකුට වෙත දැනුම් දී ඇත.
පෙරේදා (19) දිනයේ විල්සන් කරු රුපියල් පන්දහසේ ආධාර ලබාගැනීමේ පෝලිමක සිටිය දී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
ආධාර පෝලිමේ දී නිරෝධායන නීති කඩමින් මුව ආවරණ නොපැළඳ සිටි විල්සන් කරූ ඒ පිළිබඳ දැනුම්වත් කළ පොලිස් නිලධාරියෙකුට පහර දීම සමග අත්අඩංගුවට ගෙන තිබිණි.