ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටවැසි සහ ලෝ වැසි ජනතාවට සෙත්පතා ඊයේ (13) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්හි නිරත විය.
රුවන්වැලි මහා සෑ පුදබිමට පැමිණි ජනාධිපතිතුමා රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
රුවන්වැලි මහා සෑ රදුන් වෙත කළ කප්රුක් පූජාවට සහ අෂ්ඨඵල චතුමධුර පූජාවට එක් වූ ජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරත වෙමින් රටටත්, ජනතාවටත් සෙත් පැතීය.
සෑ රදුන් අභියස විශේෂ සෙත් පිරිත් සඡ්ඣායනවක් ද සිදු කෙරිණ. සෑ රදුන් උදෙසා කළ ආලෝක පූජාව පැවැත්වීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
ජනාධිපතිතුමා රුවන්මැලි සෑය අබියස ඇති ගැමුණු මහ රජ පිළිරුව සහිත පීඨිකාව වෙත ගොස් නමස්කර කර මොහොතක් එහි ගත කිරීමට ද කටයුතු කළේ ය.
රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියෝ අනුශාසනාවක් කරමින් කොවිඩ් මර්දනයට සහභාගී වන සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු ක්ෂේත්රවල නිරත පිරිසට ආශිර්වාද කළහ.