රජයට උපදෙස් දෙන්න ප්‍රඥාවන්තයෝ නෑ! දෙවෙනි රැල්ල ආවේ ඒ නිසයි! – මර්වින්

November 5, 2020 at 9:49 am | by emanisa.lk

දෙවෙනි කොරෝනා රැල්ලක් පැමිණියහොත් අති භයංකර විය හැකි බවට එජාප නායක රනිල් වික්‍රමසිංහ කළ අනතුරු ඇඟවීම සත පහකට ගණන් නො ගත් බව ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

පාලකයන්ට දුර දක්නා නුවණක් නැතිකම, රජයට උපදෙස් දෙන්න ප්‍රඥාවන්තයින් නැතිකම, රජය මහජනතාව සහ සෞඛ්‍ය අංශ මේ පිළිබඳ කල්පනා නො කිරීම ආදී හේතු නිසා දෙවෙනි රැල්ලක් පැමිණි බව ඔහු පෙන්වා දෙයි.

ඒ සඳහා තමා ඇතුළු සියලු දේශපාලකයන් වගකිව යුතු බවත් බල්ලෙකු පිස්සු වැටුණා සේ ඇඳිරි නීතිය නො දා ඊට පෙර රජය මගින් සියලු ජනතාවට ආහාර ලබාදිය යුතු බවත් ඔහු අවධාරණය කළේ ය.

ප්‍රභාකරන් පරාජය කළ ආකාරයට කොරෝනා වෛරසය පරාජය කළ නො හැකි බවත් රට පුරා කොරෝනා පැතිරීම පිළිබඳ තමන් කනගාටු වන බවත් මර්වින් සිල්වා වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *