කොළඹ කළුතර ගම්පහට ඇඳිරි නීතිය!

October 28, 2020 at 2:59 pm | by emanisa.lk

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට ම නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

එහෙත් බස්නාහිර පළාතේ දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරි නීතිය දිගට ම ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

එසේම සිකුරාදා (30) දිනයේ බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන හෙයින් දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධහල් හෙට (29) දින උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වා විවෘත කර තැබිය යුතු බව ද රජය නිවේදනය කරයි.

නොවැම්බර් මස 02 වන දා සිට මීට කලින් නිවේදනය කරන ලද පරිදි එක් එක් දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය වෙළෙඳසැල් සහ ඖෂධහල් සතියට දින 02ක් විවෘත කිරීමට කටයුතු කරනු ඇති බව ද එහි සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස