NGO අතේ නැටවුණු කොමිසම් සභා ලොක්කෝ ගෙදර යන්න බඩු පැක් කරති!

October 26, 2020 at 9:31 pm | by emanisa.lk

අල්ලස්, පොලිස්, මැතිවරණ හා මානව හිමිකම් කොමිෂන් සභාවල සාමාජිකයන් සිය කටයුතු අවසන් කිරීම සඳහා සූදානම් වන බව වාර්තා වේ.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ගැසට් පත්‍රයට කතානායකවරයා අත්සන් තැබීමෙන් අනතුරුව කොමිෂන් සභාවල සාමාජිකයන්ගේ ධුර අහෝසි වෙයි. බොහෝ විට එම අත්සන් තැබීම මේ සතියේ සිදුවෙන ඇති බවට අනුමාන කෙරේ.

ලබන බ්‍රහස්පතින්දා පොලිස් කොමිසම රැස්වීමට නියමිතව තිබුණ ද එම කොමිසමේ ආරංචි මාර්ග පැවසුවේ බොහෝ විට ඊට පෙර ගැසට් පත්‍රයට අත්සන් තැබීම සිදුවනු ඇති බවත් එසේ වුවහොත් එම සතියේ රැස් නොවී කොමිසමේ නිලධාරීන් ඉවත්ව යනු ඇති බවයි.

ඉන් අනතුරුව ඉහත කොමිෂන් සභා සඳහා සාමාජිකයන් අලුතින් පත් කිරීමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස