නිරෝධායන නීති ගැසට්ටුව එයි! නීති කැඩුවොත් හය මාසයක් හිරේ! රු. 10 000ක් දඩ!

October 15, 2020 at 11:46 pm | by emanisa.lk

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු නීති ඇතුළත් ගැසට් පත්‍රය අද (15) රාත්‍රියේ නිතුත් විය.

ඒ අනුව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතුය.

අදාළ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් අද අත්සන් තබා තිබුණි.

එම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩකරන පුද්ගලයින් හට රු. 10,000කට නොවැඩි දඩයකුත්, මාස 06ක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබේ.

ඊට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථානවලට ඇතුළු වීම හා සේවා ස්ථාන පවත්වා ගෙන යාම පිළිබඳව එම ගැසට් පත්‍රය මගින් කරුණු කිහිපයක් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස