දිවයින පුරා තෝරාගත් හින්දු කෝවිල් 40ක් සඳහා අගමැති මහින්ද රාජපක්ෂ රු. 50000 බැගින් ප්රදානය කර තිබේ.
ඒ හින්දු නව රාත්‍රී පූජා කටයුතු සාර්ථක ලෙස ඉටු කිරීම සඳහාය.
මෙම දුෂ්කර සමයෙහි හින්දු ආගමික කටයුතු සාර්ථක කර ගැනීමට ආධාර කිරීම මගින් එම ආගමික සිරිත් විරිත් ආරක්ෂා කර ගැනීම මෙන් ම රටට යහපත ප්‍රාර්ථනා කරන බව ද අගමැතිවරයා එහි දී පැවසීය.
එසේ ම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නිසි ලෙස පිළිපදිමින් මෙම උත්සවය පැවැත්වීමේ වැදගත්කම ද අගමැති මහින්ද රාජපක්ෂ අවධාරණය කළේය.