පෞද්ගලික රෝහලක් කොරෝනා වවාගෙන කයි! රෝහලට යද්දී අත සෝද ගැනීමටත් මුදල් අය කරලා!

October 11, 2020 at 11:05 pm | by emanisa.lk

පානදුර ප්‍රදේශයේ එක්තරා පෞද්ගලික රෝහලක් රෝහලට පැමිණි සේවාදායකයෙකුගෙන් එහි පිවිසීමට පෙර සබන් යොදා අත සෝදා ගැනීම වෙනුවෙන් රු. 200ක් අය කළ පුවතක් සමාජමාධ්‍ය වාර්තා කර තිබේ.

මේ පිළිබඳ රෝහලේ නිලධාරියෙකුගෙන් විමසූ විට එය කළමනාකාරීත්වයේ තීන්දුවක් යැයි පිළිතුරු ලබා දී තිබේ.

අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

“අද දින මා පානදුර සචිත්‍ර රෝහලට මාගේ පාදයේ Xray එකක් ලබා ගැනීමට ගිය අතර නිවසට පැමිණි පසු බිල්පත පරීක්ෂා කළ මා පුදුමයට පත් වූයේ SANITAISATION PROCEDURE CHARGERS ලෙස රු 200 ක් මුදලක් අයකර තිබෙනු දැකීමෙනි.

Xray ලබාගැනීම ට ප්‍රථම මා විසින් සබන් යොදා අත්සෝදා ගැනීම පමණක් සිදුකළ අතර ඒ සඳහා රු 200ක් අය කර ගැනීම කෙතරම් සාධාරණ දැයි විමසීමට මා විසින් සචිත්‍ර රෝහලට ඇමතුම් කිහිපයක් ලබාගත් අතර එහි දී ඔවුන් පවසා සිටියේ එය ඔවුන්ගේ කළමනාකාරීත්වය විසින් ගත් තීරණයක් බවයි.

රටේ පවත්නා මෙවන් වාතාවරණයක දී කුඩා පෙට්‍ටි කඩයක් ඉදිරියේ පවා තම සේවාදායකයාගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අත්සෝදා ගැනීමට පහසුකම් සපයන අවස්ථාවකදී පෞද්ගලික රෝහලක් විසින් ඒ සදහා මුදල් අය කිරීම ලජ්ජාවට කරුණක් නොවේද ??
සියලුදෙනාගේම දැන ගැනීම පිණිසයි!

Sagara Ruwanpriya Perera

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස