සති අන්තයේ රටට ම ඇඳිරි නීතිය පනවනවා ද? යුද හමුදාපති පිළිතුරු දෙයි…

October 9, 2020 at 12:31 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතු කොට ගෙන සති අන්තයේ කොළඹට හෝ වෙනත් කිසිදු ප්‍රදේශයකට අලුතින් ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොකරන බව හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා පවසයි.

සති අන්තයේ පොලිස් ඇඳිරි නීතිය හෝ සම්පූර්ණ වසා දැමීම සිදුකරනුයේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට පමණක් බව ද යුදහමුදාපතිවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් සති අන්තයේදී අනවශ්‍ය ගමන් බිමන්වලින් බැහැරව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස ද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *