මේ වන විට රට තුළ පවතින තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා තිබේ.
එහි දැක්වෙන්නේ මේ මොහොතේ ජනතාව වඩාත් අවධානයෙන් සහ අවබෝධයෙන් කටයුතු කළ යුතු බවය.
“COVID-19 උවදුර මුළු ලෝකය ම වෙලාගත් මොහොතක, ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිමත් බව විදහාලමින් අපි එය මර්දනය කළෙමු.
අද වන විට COVID-19 නැවත අප රට තුළ හිස ඔසවා ඇත. පෙර සේම අපගේ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් සේවා අංශ මෙම උවදුරෙන් අප බේරාගැනීම සඳහා සියලු කටයුතු සිදුකරනු ලබයි.
මේ අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශ්වයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙසත් ඉල්ලමි.”