බෞද්ධ සංස්කෘතිය සහ කෘෂිකර්මය මත පදනම් වන රටක් විදිහට ගව ඝාතනය තහනම් කිරීමේ වරදක් තමා නොදකින බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්රමසිංහ පවසයි.
කෙසේ වුවද මෙම ප්රශ්නය පිළිබඳ එක කෝණයකින් පමණක් බලා විසඳුම් ලබා දිය නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි.
විශේෂයෙන් පිරිමි සතුන් සහ වියපත් එළදෙනුන් රැකබලා ගැනීම කිරි ගොවියාට තනිව කළ හැකි කාර්යයක් නොවන බව සභාපතිවරයා පවසයි.
සතුන් නඩත්තු කිරීම සඳහා විශාල බරපැනක් දැරීමට සිදුවන බවත් හුදු ගව ඝාතනය තහනම් කිරීම පමණක් මේ සඳහා විසඳුම නොවන බවත් ඔහු අවධාරණය කරයි.
ඒ නිසා පිරිමි ගවයන් සහ වියපත් වන ගව දෙනුන් රැකබලා ගැනීමේ සම්පූර්ණ වගකීම කිරි ගොවියා මත නොපටවා ඒ සඳහා රජය ප්රතිපත්තිමය තීන්දුවක් ගතයුතු බව ලසන්ත වික්රමසිංහ වැඩි දුරටත් සඳහන් කරයි.