පොහොට්ටුවේ මන්ත්‍රී බූරු ගසද්දී අත්අඩංගුවට!

October 1, 2020 at 1:18 pm | by emanisa.lk

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නවගත්තේගම ප්‍රදේශයේ සූදු පොළක සුදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටිය දී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න මුදලක් ද සොයාගෙන ඇත. මෙම වැටලීම කර ඇත්තේ පොලීසියට ලද ඔත්තුවක් මතයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් වන අතර ඔහු මීට පෙර ද සුදු පිටියකදී අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති අයෙකු බව ද පොලිසිය කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *