කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමට රජය අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පවසයි.
ඔහු මේ බව පැවසුවේ නාවලපිටිය ප‍්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගීවෙමිනි.
මේ වන විට ලංකාවේ නිෂ්පාදනය කරනුයේ දේශීය අවශ්‍යතාවෙන් 35%ක් පමණක් බවත් සෙසු 65%ක කිරිපිටි පිට රටින් ගෙන එන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.
ලංකාවේ කිරි ගවයෙකුගෙන් දිනකට ලබා ගන්නේ කිරි ලීටර් 04ක් පමණක් බවත් ගවයාට නිසි ලෙස වතුර ටික ලබා දීමෙන් පමණක් එය ලීටර් 05 දක්වා ඉහළ නැංවිය හැකි බවත් ඔහු අවධාරණය කළේය.
මේ වන විට මිල්කෝ ආයතනය සමග එකතු වී ඒ සඳහා කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා කීවේය.