මහනුවර, බුවැලිකඩ ප්රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමෙන් එහි සුන්බුන්වලට යටවූ නිවසේ සිට බේරා ගත් මාස එකහාමාරක් පමණ වයසැති බිලිඳා ජිවිතක්ෂයට පත්ව ඇති බව මහනුවර රෝහල් අධ්යක්ෂකවරයා ප්රකාශ කරයි.
අද අලුයම සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් නිවසක සිටි පුද්ගලයින් 05 දෙනෙකු ගිලා බසින ලද ගොඩනැගිල්ලේ සුන්බුන්වලට සිරවූ අතර මෙම කුඩා බිලිඳාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකු සුසුන්බුන් අතරින් බේරා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකිවිය.
මේ වන විටත් එම නිවසේ සිරවී සිටිනේ අනෙක් පුද්ගලයින් දෙදෙනාගේ දිවි බේරා ගැනීමට යුධ හමුදාව, පොලිසිය, ගිනි නිවීමේ ඒකකය ඇතුළු සහන කණ්ඩායම් මෙහෙයුමක් දියත්කර ඇත.