නිමි ඇඳුම් ආනයන තහනමට අපි කැමතියි! අපට ඕන ඇඳුම් ලංකාවේ ගාමන්ට්වලින් ගන්නවා! – තිලකවර්ධන

September 8, 2020 at 8:32 am | by emanisa.lk

විදෙස් රටවලින් නිමි ඇඳුම් ආනයනය තහනම් කිරීමට සිය ආයතනය කැමති බව තිලකවර්ධන ටෙක්ස්ටයිල් ආයතනය පවසයි.

එම ආයතනයේ කළමනාකාරුවෙකු වන ලලිත් ප්‍රසන්න පවසා ඇත්තේ රෙදි ආයනයය තහනම් නොවන නිසා රෙදි ගෙනැවිත් මෙරට ඇඟළුම් කම්හල් ලවා අවශ්‍ය ඇඳුම් නිමවාගත හැකි බවය.

මෙතෙක් සිදු වූයේ තමන්ට උවමනා නිමි ඇඳුම් විලාසිතා චීන, ඉන්දීය, සිංගප්පූරු සහ ඩුබායිහි පිහිටි ඇගළුම් කම්හල්වලින් ආනයනය කිරීම බවත් හෙතෙම සඳහන් කරයි.

නිමි ඇඳුම් ආනයනය නතර කිරීම නිසා ඇඳුම් මිල ඉහළ යාමක් සිදුනොවන බවත් මෙරට මෙතෙක් නිෂ්පාදනය නොකරන ළමා ඇඳන් ගෝකාට් ආදිය මෙරට නිපදවන තුරු හිඟවිය හැකි බවත් ඔහු පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *