සරත් කිව්වට 13 අහෝසි කරන්නේ නෑ! – ඩග්ලස් දේවානන්ද

August 26, 2020 at 12:08 am | by emanisa.lk

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංංශෝධනය ගෙන ඒමේ දී දකුණ මෙන්ම උතුර ද එරෙහි වූ බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසයි.

එහෙත් තමා එදා පළාත් සභා වෙනුවෙන් පෙනී සිටි බවත් එය ප්‍රායෝගික බවත් දේවානන්ද පවසයි. පසුගියදා ඉන්දියාව ද 13 සම්පූර්ණයෙන් බලාත්මක කළ යුතු බව සඳහන් කළ බව ඔහු සිහිපත් කළේය.

වර්තමාන ආණ්ඩුව යටතේ 13 වන සංශෝධනය අහෝසි වීමක් සිදුනොවන බව සහතික යැයි ද ඔහු සඳහන් කළේය. තමා අපේක්ෂා කළ තරම් මන්ත්‍රී ප්‍රමාණයක් ලැබිණි නම් සියලු ප්‍රශ්න එකිනෙක විසඳන බව ද ඔහු අවධාරණය කළේය.

ඇමතිවරයා වව්නියාවේ දී (25) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස