එක්සත් ජාතික පක්ෂයට මෙවර මහා මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් කිසිදු ජනතා නියෝජිතයෙක් තේරී පත් නොවී ඇති බවට නිල නොලත් ලැබෙමින් තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයෙන් 5% ක ප්‍රතිශතයක් ඡන්ද ලැබී නැති නිසා ඔවුනට කිසිදු ජනතා නියෝජනයක් නොලැබෙනු ඇතැයි බව ඔහු සඳහන් කර ඇත.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මෙන්ම උප නායක රවී කරුණානායක ද ඉදිරි පාර්ලිමේන්තුව නියෝජනය නොකරනු ඇත.