පසුගිය වසරේ පෙබරවාරී 23 වෙනිදා ලංකාවේ විශාලතම කුඩු තොගය එනම් කුඩු කිලෝ 295ක් අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජාවාරම්කරුවන් කල්ලිය සිදුකර ඇත්තේ රඟපෑමක් බව අනාවරණය වී තිබේ.
වෙලේ සුදාගෙන් ලබා ගත් තොරතුරු මත මෙම කුඩු තොගය ඉරාන යාත්‍රාවකින් ලබා ගෙන ඇත්තේ ටෝලර් යාත්‍රාවක් දකුණු මුහුදට යැවීම මගිනි. එම කුඩු තොගය අනතුරුව බාලපිටිය මාදුගඟ ඔස්සේ හෝටලයක් වෙත රැගෙන විත් තිබේ. එහි කුඩු ගෝනි 18ක් තිබී ඇත.
නාකොටි කල්ලිය මෑතක දී කුඩු ජාවාරම් කළ බව අනාවරණය කරමින් අත්අඩංගුවට පත්වන්නේ ද මෙලෙස ම අදාළ හෝලයට කුඩු ගෙනැවිත් සහල් බෑග්වල අසුරා කොරෝනා වසංගත සමයේ වැලිසර දී අත්අඩංගුවට ගෙන කළ රංගනයක් සමගය.
මෙම සිද්ධි දෙකේ දී බෝට්ටුකරුවා ලෙස කටයුතු කළ පුද්ගලයා ද මේ වන විට අත්අඩංගුවට පත්ව තිබේ. අදාළ කුඩු ගෝනි 18 නාකොටි කල්ලිය අනතුරුව බේරුවලට ද එතැනින් බම්බලපිටියේ හොටලයකට ද එතැන් සිට කොල්ලිපිටිය ද රැගෙන විත් තිබේ.
එහිදී වෙලේ සුදා ලවා කුඩු තොගය මිලට ගැනීමට ගත් මොහමඩ් රිලාන් අහමඩ් රුස්නි නම් ජාවාරම්කරුවකු ගෙන්වා ගෙන ඔහුගේ වාහනයට කුඩු දමා අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව සැකකරුවන් දෙදෙනෙකු සමග ලංකාවේ විශාලතම කුඩු තොගය අත්අඩංගුවට ගත්තේ යැයි ප්‍රකාශයට පත්කරමින් රටම රවටා තිබේ. මෙම ජාවාරම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු ද සම්බන්ධ බව අනාවරණය වී තිබේ.
කොල්ලුපිටියේ කුඩු තොගය මෙන්ම වැලිසර කුඩු තොගය ද නාකොටි කල්ලිය කලක් තිස්සේ නීති විරෝධී ලෙස සිය භාරයේ තබා ගෙන ඉන් කොටසක් අලෙවි කර ඇති බවත් ඒ පිළිබඳ මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බවත් වාර්තා වෙයි.