පොලිසියේ කුඩු බිස්නස් රහස් එළියට! නාකොටි – වෙලේසුදා හඬපටයක් ජනපති කොමිසමට!

July 7, 2020 at 9:44 am | by emanisa.lk

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් කොස්තාපල් ජීවක අරුණ පෙරේරා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර හෙවත් වෙලේසුදා අතර ඇති වූ දුරකතන සංවාදයක හඬ පටයක් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට ඊයේ (06) ඉදිරිපත් කරන ලදී.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි ජගත් රෝහණ කොමිසමට එම හඬපටය ඉදිරිපත් කළේය.

වෙලේසුදා අතර සංවාදයක නියැළෙන හිටපු පොලිස් කොස්තාපල්වරයා, කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක සැකකරුවකු ද වන බව ජගත් රෝහණ කොමිසම හමුවේ පැවැසීය.

අදාළ හඬපටය ඇතුළත් සංයුක්ත තැටිය, ජනාධිපති කොමිසමේ ආරක්ෂිත සේප්පුවේ තබන ලෙස සභාපති විනිසුරුවරයා නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *