පොලිසියට කට්ටි පැන්න නාකොටික් නිලධාරියා භාරවෙයි!

July 7, 2020 at 12:41 pm | by emanisa.lk

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය තුළ සිදුවන විමර්ශනයකට අදාළ සැකකරුවෙක් වන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් වන සමන් වසන්ත කුමාර අද (07) කඩවත පොලිසියට භාර වී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මෙම පුද්ගලයා නාකොටික් මත්ද්‍රව්‍ය ජාවාරම හෙළිවීමත් සමග අතුරුදන්ව සිටි අතර පොලිසිය ඔහු සොයා ගැනීමට මහජන සහාය ද පැතුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *