රේගුව රාජසන්තක කළ වාහන යුද හමුදාවට සහ රාජ්‍ය ආයතනවලට!

July 10, 2020 at 9:16 am | by emanisa.lk

නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද වාහන රජයේ ආයතන සහ යුද හමුදාවේ භාවිතයට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි විණි.

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන වශයෙන් අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

නීති විරෝධීව මෙරටට ගෙන්වීම නිසා දැනට රේගු ආඥා පනත අනුව නඩු කටයුතු පවත්වා ගෙන යන වාහන ද ඊට ඇතුළත් නොවන බව ද ඇමැතිවරයා කියයි.

වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඊයේ (9) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

යුද හමුදාව ඇතුළු රජයේ ආයතනවල භාවිතය සඳහා එලෙස රාජසන්තක කරන ලද වාහන ලබා ගැනීමට හැකියාව පවතින බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් සිදුකර මහාභාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුමැතිය සහිතව එම වාහන නිදහස් කිරීම සිදුවන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස