කිලිනොච්චිය ඉයක්කච්චි නිත්තිය වෙඩ්ඩෙයි ප්‍රදේශයේදී නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පලෙයි පොලීසිය පවසයි.
එම නිවස පරික්ෂා කිරීමේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොඩියට සමාන කොඩියක් සඟවා තිබියදී සොයාගත් බව ද පොලීසිය අනාවරණය කරයි.
මෙම කාන්තාව සැමන්ටින් එකක් යොදා පුපුරණ ද්‍රව්‍ය එක් කොට බෝම්බයක් වැනි යමක් සෑදීමට ගත් උත්සහයකදී එය පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව බරපතළ තුවාල ලබා තිබේ.
අදාල පුපුරණ ද්‍රව්‍ය යොදා සකසන ලදදේ කුමක්ද යන්න පිළිබඳ මේ වන විට පරික්ෂණ සිදු කෙරෙන අතර තුවාල ලැබූ කාන්තාව 35 හැරිදි කාන්තාව මේ වන විට ඇය යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
කෙසේ නමුත් නිවසේ තිබී කොටි සංවිධානයේ කොඩියක් තිබී හමුවීම හා අදාල පිපිරීම සම්බන්ධයෙන්ද මූලික පරික්ෂණ පලෙයි පොලීසිය සිදු කළද ඉදිරි පරික්ෂණ කටයුතු සිදුකරගෙන යාම සඳහා යාපනය පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සිදු කිරීමට නියමිත බවටද පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.