විරෝධතාවේ නිරත පිරිසට පහර දීම තමන් තරයේ හෙළා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ මෑත කාලීන හැසිරීම් කොරෝන මර්දනයෙහිලා පොලිස් දෙපාර්තමේන්තුව සිදුකළ විශිෂ්ට කාර්යභාරය හෑල්ලුවට ලක් කර ඇති බවය.
“පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුගේ මෑත කාලයේ හැසිරීම මගින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම #COVID19SL කාලය තුළ සිදුකළ විශිෂ්ට සේවාවට හානි සිදුවීම කණගාටුදායකයි. විරෝධතාවයේ නිරත අයට ඊයේ පහරදීම සිදුවීම මා තරයේ හෙළා දකින අතර, කඩිනමින් විමර්ශනය කර ඊට නිසි පියවර ගත යුතු යැයි ඉල්ලා සිටිනවා.”
The recent behaviour of some members of @SriLankaPolice2 shouldn't tarnish the track record of the entire Department & the great job done during #COVID19SL. I strongly condemn the assault on protesters, & call for it to be investigated & proper action to be taken. #SriLanka #lka
— Namal Rajapaksa (@RajapaksaNamal) June 10, 2020