එජාපය මහ මැතිවරණයට සූදානම්! සාගලගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක්!

June 1, 2020 at 7:49 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා හිටපු ඇමැති සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත්කර ඇත.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම කමිටුවට පත්කර තිබේ. සුදත් චන්ද්‍රසේකර, මහින්ද හරදාස, අස්මී තාසිම් සහ ශමල් සෙනරත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

කමිටුවේ අධීක්ෂණ කටයුතු පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන විසින් සිදුකෙරේ.

මහ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා කඩිනමින් සැලැස්මක් සකස් කර භාරදෙන මෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙම කමිටුවට දැනුම් දී ඇත. මෙම කමිටුවට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතියද හිමිව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස