රාජ්‍ය දේපළ අවභාවිත කළ බව කී මංගල නැවතත් CIDයට කැඳවයි!

May 19, 2020 at 11:19 am | by emanisa.lk

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය මංගල සමරවීර දෙවන දිනටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙයි. ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේ රජයේ මුදල් යොදා ගෙන ඡන්ද දායකයන් පිරිසක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රිෂාඩ් බදියුදීන්ගේ ඡන්ද දායකයන් පිරිසක් උතුරට ප්‍රවාහනය කිරීම සඳහා රජයේ මුදල් ලබා දුන්නේ තමන්ගේ අනුමැතිය යටතේ බව ඔහු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස