කලින් ආසන වෙන් නොකර දුම්රියේ යාමට අවසර!

May 18, 2020 at 1:51 pm | by emanisa.lk

කලින් ආසන වෙන් කිරීමකින් තොරව රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට දුම්රියේ ගමන් කිරීමට දුන් අවසරයත් සමග බෙලිඅත්ත දුමිරිය ස්ථානයට අද (18) අලුයම 200 ක පමණ පිරිසක් පැමිණි අතර ඔවුන් සියලු දෙනාටම දුම්රියේ ගමන් කිරීමට අද දිනයේදී අවස්ථාව හිමි විය.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට විශේෂ දුම්රියක් අද (18) අලුයම 5.10ට  කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබුණි. එම දුම්රියේ ගමන් කිරීමට පැමිණි මගීන්ගේ සේවා ස්ථානයේ අදාළ ලියකියවිලි හෝ සේවා හැඳුනුම්පත පරීක්ෂා කිරීමෙන් අනතුරුව දුම්රිය ප්‍රවේශපත් නිකුත්කළ අතර මගීන් සඳහා ආසන වෙන් කීරීමක්ද සිදු කරුණු ලැබීය.

වෙනත් දින වලට වඩා මගීන් සංඛ්‍යාවක් බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණීම නිසා අද අලුයම 5.10ට පිටත් වීමට තිබූ දුම්රිය කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කරනු ලැබූවේ අලුයම 5.45 ය .

අද දිනයේදී බෙලිඅත්තෙන් පිටත් වූ දුම්රිය කොළඹ කොටුවට ළගා වීම සඳහා  පැයක පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස