2019 – 2020 ශ්රී පාද වන්දනා වාරය චාරිත්රානුකූලව අද (07) වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත් කෙරේ.
අනතුරුව සිරපා උඩ මළුවේ තැම්පත් කර තිබෙන සධාතුක කරඩුව සහ සුමන සමන් දේව ප්රතිමාව පැල්මඩුල්ල ගල්පොල්තාවෙල ශ්රී පාද රාජ මහා විහාරස්ථානයේ තැම්පත් කරවීම සඳහා වැඩම කරවීම හෙට (08) සිදු කෙරේ.
කොරෝනා වසංගත තත්ත්වය නිසා මෙවර බොහෝ බැතිමතුන්ට සිරිපා කරුණා කිරීමේ වරම් අහිමි විය.