ජනපති ගෝඨා වනජීවි නිලධාරිනිය ⁣රකී! ඇමති සනත්ට දැඩි දෝෂාරෝපණයක්!

February 13, 2020 at 3:42 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙන් දැඩි ලෙස දොස් පවරා ඇතැයි ජනාධිතිවරයාට සමීප විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ වැඩ කටයුතු නිසි පරිදි සිදු කරන්නට ඉඩදී, තමාට අදාළ කටයුතු සිදුකරන සිටින ලෙස ජනාධිපතිවරයාගේ පාර්ශවය දැඩි ලෙස පවසා ඇති බව වාර්තාවේ.

එමෙන්ම අදාළ රාජ්‍ය නිළධාරිණියට මින් පසුව බලපෑම් සිදු කළහොත් රාජ්‍ය අමාත්‍ය ධූරය පවා අහිමි වන තැනට වැඩ සිද්ද විය හැකි බව දැඩි ලෙස පවසා ඇත.

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම ස්වාධීන ආයතන බවට පත්කිරීමට තමා ගන්නා උත්සහය අතරතුර මෙවැනි සිදුවීම් නොවිය යුතු බව ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරය වී ඇතැයි දැනැගන්නට ලැබේ.

රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතුවලට බලපෑම් නොකරන ලෙස ජනාධිපතිවරයා මෙයට පෙර චක්‍රලේඛයක් ද නිකුත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස